ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවෙන් උපකාර
පසුගිය දින කීපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අද (21) සවස වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 22,675 දෙනෙකුගේ ජීවිත බේරා ගෙන ආරක්ෂිත ස්ථානයන් කරා ප්රවාහනය කර ඇති අතර, පුද්ගලයන් 106,520 දෙනෙකු සඳහා පිසූ ආහාර සහ පානීය ජල බෝතල් බෙදා දීමට ද කටයුතු කර ඇත. එමෙන්ම, හංවැල්ල, රනාල, නවගමුව, මල්වාන, කඩුවෙල, මුල්ලේරියාව, දොම්පේ, පූගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව, බියගම, කොටිකාවත්ත, අංගොඩ, කැළණිමුල්ල, කැළණිය, සේදවත්ත, වැලිවිට, තරාල, කොහිලවත්ත සහ වෙන්නවත්ත යන ප්රදේශයන්හි මුදවා ගැනීමේ යාත්රා කණ්ඩායම් 90 ක් ස්ථානගත කිරීමට කටයුතු කරන ලදී.






















