අමාත්‍ය සාගල රත්නායක මහතා නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකවක
නීතිය හා සාමය පිළිබඳ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (22) නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එතුමන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මෙම හදිසි වියසන තත්වය තුලදී නාවික හමුදාව විසින් පීඩාවට පත් ජනතාව හට සහන සැළසීමේදී මනා සම්බන්ධීකරණය සහ කඩිනම් ක්‍රියාත්මක වීම තුලින් ඉතා සාර්ථව සහන කටයුතු සිදු කරමින් කිසිදු සිවිල් වැසියෙකුට හානියක් සිදු නොවී ඔවුන් ආරක්ෂිත ස්ථානයන් කරා ප්‍රවාහනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් සමස්ථ නාවික හමුදාවට සහ නාවික හමුදාධිපතිතුමා වෙත එතුමා එහිදී සිය හෘදයාංගම ස්තුතිය පිරිනැමීමට ද කටයුතු කරන ලදී.
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ජල ගැල්මෙන් විපතට පත් වූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සැළසීමේ ක්‍රියා පටිපාටිය එහිදී අමාත්‍යතුමන් විසින් නිරීක්ෂණය කරන ලදී. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා විසින් මේ වන විට දියත් කර ඇති මෙහෙයුම් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් ස්ථානගත කර ඇති ප්‍රදේශයන් පිළිබදවද, විපතට පත්වූවන් වෙනුවෙන් ආහාරපාන හා වෛද්‍ය පහසුකම් ලබා දීම මෙන්ම ඉදිරියේදී ඇති විය හැකි මෙවැනි මහා ජල ගැලීම් වලින් වන හානි අවම කර ගැනීම සඳහා නාවික හමුදාවට යොදා ගත හැකි නවීන තාක්ෂණික මෙවලම් සම්බන්ධයෙන් විස්තර කිරීමක් ද එහිදී සිදු කරන ලදී.
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී වූ අතර මෙහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් අමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කළේය.






