අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව තවදුරටත් සහාය වෙයි
පසුගිය දින කීපය තුළ දිවයිනට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසක ජනතාව ගංවතුර හා නාය යෑම් මගින් පීඩාවට පත්විය. එහිදී නාවික හමුදාව විසින් ඔවුන් හට සහන සැළසීම සඳහා කඩිනමින් ක්රියා කරන ලදී. ඒ අනුව අද (19) වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 6,372 දෙනෙකුගේ ජීවිත බේරා ගෙන බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථානයන් කරා ප්රවාහනය කර ඇත. එමෙන්ම තල්දූව, හංවැල්ල, රනාල, නවගමුව, මල්වාන, කෑගල්ල, කඩුවෙල, මුල්ලේරියාව, දොම්පේ, පූගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව, බියගම, කොටිකාවත්ත, වවුනියාව, විලච්චිය සහ මන්දගල්ආරු යන ප්රදේශයන්හි මුදවා ගැනීමේ කණ්ඩායම් 61 ක් ස්ථානගත කර ඇති අතර, හදිසි අවස්ථාවන්වලදී සහාය දැක්වීම සඳහා තවත් කණ්ඩායම් 10 ක් සියළුම ගංවතුර තර්ජන සහිත ප්රදේශ ආවරණය වන පරිදි කදවුරු වල සූදානමින් තබා ඇත.









