රණවිරුවන් සිහි කිරීමේ ජාතික උත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි
දශක තුනකට අධික කාලයක් පුරා රුදුරු ත්‍රස්තවාදයෙන් වෙළා සිටි මාතෘ භූමිය ත්රස්තවාදීන්ගෙන් මුදවාගෙන මැයි මස 18 වන දිනට වසර 7 ක් සපිරේ. ඒ අනුව රට වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද, සටනේදී තුවාල ලැබූ සහ අතුරුදහන් වූ රණවිරුවන් සිහි කිරීමේ උත්සවයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
අප මාතෘ භූමියට ස්ථීර සාමයක් උදාකරළීම සඳහා ඇපකැප වූ සියළුම රණවිරුවන්හට එහිදී ජනාධිපතිතුමන් විසින් පුෂ්පෝපහාර දැක්වූ අතර, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, රජයේ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මෙන්ම ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී විය.




















