නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව නිලාවේලි ප්‍රදේශයේ, ශ්‍රීලංනානෞ විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (24) එරක්කන්ඩි නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සමග දීවර කටයුතු සඳහා යොදා ගත් , ඩිංගි යාත්‍රා 2 , පා වරල් යුගල් 3 ක්, නිතී විරෝධි තංගුස් දැලක් (සුරුක්කු දැල්) සහ කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 7 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ප්‍රදේශිය ධීවර පරික්ෂක මගින් කුච්චවේලි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.




