ජල ගැල්මට ලක්වූ ප්‍රදේශ සිතියම්ගත කිරීමේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග මිනින්දෝරු දෙපාර්තමේන්තුව අත්වැල් බැදගනී
පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වයන්ට ගොදුරු වූ ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල තොරතුරු රැස් කිරීම සහ එම ප්‍රදේශයන් සිතියම්ගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවේ සහාය අපේක්ෂා කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ගෙන් සහ නාවියන්ගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය 28 වන දින සිට කැළණි ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව බියගම, මල්වාන, දොම්පෙ සහ හංවැල්ල යන ප්‍රදේශ වල දත්ත එක්රැස් කිරීමේ කටයුතු සඳහා සහභාගී වන ලදී. මෙම කර්තව්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක, තොරතුරු තාක්ෂණ සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) යන අංශයන්හි ප්රවිණයන්ගේ කණ්ඩායම් කීපයක් ද එක්විය. එමෙන්ම, ඉහත කාර්යයන් අවසානයේදී අත්තනගල්ල ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව ද එවැනිම දත්ත රැස්කිරීමක් සිදු කරන ලදී.
ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් වශයෙන් සැලකෙන කැළනි ගංගා ද්‍රෝණිය ආශ්රිත ප්‍රදේශයන් සම්බන්ධයෙන් අඩු ක්ෂේත්‍ර දත්ත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් පසුගිය කාල සීමාවේදී බලපෑ ගංවතුර තත්ත්වය මහත් විනාශකට මග පාදන ලදී. ඒ අනුව මෙම කර්තව්‍ය ජාතික වශයෙන් වැදගත් වන බැව් වටහා ගනිමින්, නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මෙම සත්කාර්යයේ නියැලෙමින් මෙතෙක් අවශ්‍යතාවයක්ව පැවති ක්ෂේත්‍ර සිතියම් සකස් කිරීම සිදු කරන ලදී. මෙය ශ්‍රී ලංකාව තුල ආපදා කළමණාකරණ වැඩසටහන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදීත් ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇත.






