මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණෙයි
මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගැඹුරු මුහුදේ මුර සංචාරය කළ හැකි නෞකාවක් වන “සීජීඑස් බැරකුඩා” නෞකාව කල්කටා සිට මුරුසි දූපත් වෙත ගමන් කරමින් සිටින අතර තුර, නෞකාවේ ඉන්ධන හා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අරමුණින් අද (02) වන දින උදෑසන හම්බන්තොට වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
එහිදී, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් රාජ්නීෂ් ධලාල් මහතා හා තංගල්ලේ පිහිටි ශ්‍රිලංනානෞ රුහුණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් ප්‍රියදර්ශන සේනාරත්න මහතා අතර සුහද හමුවක් පැවැත් විය. මෙහිදී ද්විපාර්ශිකව වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද සාකච්ඡාවක නිරතවුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. හෙට (03) මෙම නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.














