උතුරු නාවික විධානයේ ඇති දුපත්හි පාසල් සිසුන්ගේ පාපන්දු ක්‍රීඩා හැකියාව නැංවීම සදහා නාවික හමුදා සහය
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය ආර්ධද්වීපයේ දුපත් වල පාසල් සිසුන් වෙනුවෙන් පාපන්දු පුහුණු කදවුරු කිහිපයක් විශ්‍රාමික ලුතිනන් එස් සුකුමාරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. යාපනය ආර්ධද්වීපයේ පාසල් වල පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරිමත් කරෙයිතිව්, එලිවතිව්, අනලතිව්, නයනතිව්, පුන්කුඩුතිව්, මණ්ඩතිව්, සහ ඩෙල්ෆ්ට් යන දුපත් නියෝජනය වන පරිදි 13 න් පහල හා 15 න් පහල පාපන්දු කණ්ඩායම් දෙකක් ස්ථාපිත කිරිමත් මෙම කදවුරු පැවැත්විමේ ප්‍රධාන අරමුණු අතර විය.
නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙහි පුහුණු කටයුතු සදහා පළපුරුදු පාපන්දු පුහුණුකරුවෙකු වන විශ්‍රාමික ලුතිනන් සුකුමාරන් මහතා කටයුතු කරන අතර, නාවික හමුදාවේ සිටින පාපන්දු පිළිබද මනා දැනුමක් හා අද්දැකිම් ඇති නාවිකයින් කිහිප දෙනෙකු ද එම කර්තව්‍ය සඳහා දායකත්වය ලබා දෙමින් පවතී. 2016 මැයි මස සිට එම පාසල් වල විදුහල්පතිවරුන්ගේ පුර්ණ අනුමැතිය සහිතව මෙම පුහුණු සැසිවාරයන් පැවැත් වු අතර, ජුනි මස අවසාන වන විට අන්තර් දුපත් පාපන්දු තරගාවලියක් ද පැවැත්විමට කටයුතු සම්පාදනය කරමින් පවතී. එම තරගාවලියෙන් අනතුරුව 15 න් පහළ පාපන්දු කාණ්ඩාම සදහා ක්‍රීඩකයින් තෝරා ගැනිමට බලාපොර්තු වන අතර, 13 පහළ කාණ්ඩායම සදහා පුහුණු කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
















