නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් සම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සම්පුර් ප්‍රදේශයේ නෝර්වේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, පාවරල් යුගල් 2 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා ඇස් ආවරණ 03 ක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සම්පුර් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

