කේරළ ගංජා කිලෝග්රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි හි පිහිටි, නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) අයියකච්චි ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 8 ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව පේදුරු තුඩුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.


