නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉරන්කේනි වලට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 2 ක් කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණයක්, පාවරල් යුගලක්, ඔක්සිජන් සිලින්ඩර් 2ක් හා නීතිවිරෝධී දැලක් ද අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්රිකුණාමලය ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.





