විපතට පත් ඉන්දීය ධීවරයන් බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි
බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් වන පී 417 සහ පී 474 ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අගෝස්තු මස 08 වන දින එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් අනතුරට ලක් වී ශ්‍රී ලංකාවට අයත් බටහිර මුහුදු සීමාවේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයන් 4 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
එම ධීවරයන් සහ යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුක්ම් සහ ආහාර පාන ලබා දීමට කටයුතු කෙරිණි. තවද, ක්‍රියා විරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවේ එන්ජිම කඩිනමින් අළුත්වැඩියා කර නාවික හමුදාවේ සහාය ඇතිව ඔවුන් අද (10) අන්තර් ජාතික මුහුදු සීමාව දක්වා රැගෙන යාමට නියමිතය.


