දේශමාන්‍ය, ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනයට නාවික හමුදාධිපති සහභාගී වෙයි
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී ඊයේ (11) පැවැති දේශමාන්‍ය, ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතාගේ 4 වන ගුණානුස්මරණ දේශනයට සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ එම මහත්මිය සහභාගී විය. මෙහි ප්‍රධාන දේශනය ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සිදු කරන ලද අතර, එම ගුණානුස්මරණ උත්සවය විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය මගින් සිව් වන වරටත් සංවිධානය කරන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා, යුධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහ විශ්‍රාමික නිලධාරීන් පිරිසක් මෙන්ම දේශමාන්‍ය ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතාගේ පවුලේ සමාජික සාමාජිකාවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.







