කථික තරඟාවලියේ ජයග්‍රාහකයන්ට නාවික හමුදාධිපතිතුමන් විසින් ත්‍යාග ප්රදානය කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කළ නාවික හමුදා ප්‍රථම කථික තරඟාවලිය ඊයේ (12) නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා සියලුම විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවති මෙම තරඟාවලියේදී ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය සහ කථන හැකියාව ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ විය.
තරඟාවලියේ කාණ්ඩ ද්විත්වයෙන්ම ජයග්‍රහණය කළ, පළමු, දෙවන හා තෙවන ස්ථානයන් සඳහා පිළිවෙලින් රුපියල් 100,000, 75,000 සහ 50,000 බැගින් මුදල් ත්‍යාග හා තිළිණ පිරිනැමීම නාවික හමුදාධිපතිතුමන් අතින් සිදුවිය. ජ්‍යෙෂ්ඨ අංශය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් සීආර්පී වලාකුලුගේ ප්‍රථම ස්ථානය, ලුතිනන් කොමාණ්ඩර් එස්ඒසීආර් කුලතුංග දෙවන ස්ථානය හා කොමාණ්ඩර් පීජීජේසී සමරනායක තෙවන ස්ථානය හිමිකර ගත් අතර කණිෂ්ඨ අංශය නියෝජනය කළ ලුතිනන් කේඑම්ඒඑල් බංණ්ඩාර ප්‍රථම ස්ථානය, ලුතිනන් ඩබ්ලිව්ඩබ්ලිව්අයිඑච්එම්ජේසී වෑත්තෑව හා ලුතිනන් ඩබ්ලිව්ඩීඩී ලක්ෂාන් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් විය. එම අවස්ථාවට නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී විය.















