නාවික හමුදාව විසින් හම්බේගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතීන අතර, එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් හම්බේගමුව ජනතානගේ ප්‍රයෝජනය සඳහා හම්බේගමුව පුරාණ රජමහා විහාරස්ථානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) ඊයේ (12) වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ව්‍යාපෘති අධ්යක්ෂ අසේල ඉද්දවෙල මහතාගේ සුරතින් විවෘත කරන ලදී.
වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතී. එය සැලකිල්ලට ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන ලදී. මෙමගින් හම්බේගමුව ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ අවස්ථාව සැළසී ඇත. තණමල්විල ප්‍රදේශිය ලේකම් කේඑච්එමි කැලුම් නිශාන්ත මහතා, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා, ගිණිකොන නාවික විධාන භාර නියෝජය ආඥාපති කොමදෝරු සුදත් කුරුකුලසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී වී සිටියහ.








