නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගැනේ
නිලාවේලි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක බළකායට අයත් නාවිකයින් විසින් ඊයේ (23) ගෝපාල්පුරම් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය. බේරා ගත් පුද්ගලයන් යාපනේ ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් අවුරුදු 21, 24 සහ 28 යන වයසේ පසුවන පුද්ගලයන් වේ.

