හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා රෝගියෙකු ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
“කෙවින් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුගේ හිස තියුණු ලෙස කැපී අසාධ්‍ය තත්වයට පත්වී තිබීම හේතුවෙන් එම ධීවරයා කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර ලබා දීම සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (28) සමත් විය.
ලද තොරතුරකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව රෝගියා රැගෙන ඒම සඳහා වයඹ නාවික විධානයට අයත් කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක මුර යාත්‍රාවක් වන පී 142 පිටත්කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව, කල්ආරු ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 11 පමණ දුරකදී රෝගියා යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ඔහු හට ප්‍රථමාධාර ලබා දී කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා කල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.


