නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත්, ත්රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්රහාරක මුර යාත්රා බලඝණයට අනුයුක්ත පී 4444 සහ පී 4445 යාත්රාවල රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) කොක්කුතුඩුවායි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ධීවර කටුයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 13 දෙනෙකු ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 4 ක් සහ නීතිවිරෝධී දැල් ද සමග අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ කුච්චවේලි හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනය වෙත ගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
එදිනම, වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවියකයන් පිරිසක් විසින් සේරක්කුලිය කළපු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 5 ක් සහ තහනම් දැල් 6 ක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ පුත්තලම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.





