නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදාගත් උපකරණ තොගයක් අත්අඩංගුවට
නාවික හමුදාව වෙත ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අයත් පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ බුද්ධි අංශයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (4) පින්කට්ටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා ලද ද්‍රව්‍ය හා උපකරණ තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.
හලාවත පොලීසිය සමග සම්බන්ධීකරණ වෙමින් සිදු කරන ලද එම මෙහෙයුමේදී ගෝඩා ලීටර් 1600 ක්, මත්පැන් ගබඩා කිරීම සඳහා යොදා ගත් ලීටර් 50 ප්ලාස්ටික් කෑන් 22 ක්, බැරල් 20 ක් සහ ගෑස් සිලින්ඩර් 10 ක් එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබේ. එම භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා හලාවත පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




