දිය යට නොපිපිරුණු පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරිමේ පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලයදී අවසන් වේ
එක්සත් ජනපද නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර කිරිමේ ජංගම ඒකකයේ නාවිකයන් සහ ශ්‍රි ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් හට දිය යට නොපිපිරුණු පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරිමේ පුහුණු අභ්‍යාසයක් පෙරේදා (8) වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයෙදී සාර්ථක ලෙස නිමාවට පත් විය. පසු ගිය මස (22) දින ආරම්භ වු මෙම පුහුණු අභ්‍යාසය තුළින් ශ්‍රි ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් හට ඉහළ දැනුමක් හා අත්දැකිම් රැසක් ලබා ගැනිමට හැකි විය.
මෙම පුහුණු අභ්‍යාසයේ අවසන් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී වු අතර, එක්සත් ජනපද නාවික හමුදාව පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර ජංගම ඒකකයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් බෙන්ජමීන් ෂිපලී මහතා විසින් පාඨමාලාව සාර්ථකව නිම කළ නාවික පුද්ගලයන් හට සහතික පත් ප්රදානය කර ලදි. මේ අතර එක්සත් ජනපද නාවික හමුදාව පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර කිරිමේ ඒකකය විසින් ශ්‍රි ලංකා නාවික හමුදා කිමිදුම් අංශය වෙත දිය යට ක්‍රියාකාරකම් කල හැකි කැමරාවක්, GPS යන්ත්‍රයක් සහ තවත් උපාංග රැසක් ප්රදානය කරන ලදි. මෙහිදී තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.














