“ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ දෙවන ස්ථානය ශ්‍රි ලංකා නාවික හමුදාවට
රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉස්මතු කිරිමේ අරමුණින් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යංශය මගින් සංවිධානය කල “ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ අවසාන මහා තරඟය ඊයේ (11) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී. මෙහි ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් අති ගරු ජනාධිපතිතුමන් මෛත්රපාල සිරිසේන මහතා සහභාගි වු අතර, ත්‍රිවිධ හමුදාවම නියෝජනය වන පරිදි තරගකරුවන් සිව් දෙනෙකු අවසන් මහ තරගයේදී කරට කර තරඟ වැදුණි. මෙහිදී තම සැබෑ සංගීත දක්ෂතාවය මැනවින් විදහා දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කල ලුතිනන් අමිල සිරිවර්ධන තරඟකරුවා අවසන් මහා තරගයේදී දෙවන ස්ථානය දීනා ගැනිමට සමත් විය.
මෙහිදී දෙවන ස්ථානය ලැබු නාවික හමුදාවේ ලුතිනන් අමිල සිරිවර්ධන තරඟකරුවා හට හිමි කුසාලනය සහ ත්‍යාගය පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා විසින් ප්රදානය කරන ලදි. මේ අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, ප්‍රභූ පුද්ගලයන්, ආරක්ෂක ලේකම්තුමන්, ආරක්ෂක මාණ්ඩලික ප්රධානීතුමන්, යුධ හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වන ලදී.

















