කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලයේ පාසල් සිසුන් සදහා මේස, පුටු සහ පාසල් උපකරණ ප්රදානය කෙරේ
වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහාතාගේ උපදෙස් මත අභාවයට ගොස් තිබු කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලය පිරිසකර කර ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු මෑතකදි ආරම්භ කරන ලදි. මෙම පාසලේ දරුවන් වෙනුවෙන් කොළඹ නැව් තඨාකාංගණයේ නිලධාරින් පිරිසක් සමග කල්පිටියෙහි පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා විජය ආයතනයේ නාවික පුද්ගලයින් පිරිසක් ඊයේ (11) මේස, පුටු සහ පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව වාර්ණවත් කිරිම සදහා විද්‍යාලයේ දු දරුවන් විසින් තමන්ගේ කුසලතා රංගනයෙන් සහ ගායනයෙන් ඉදිරිපත් කල අතර, බත්තලන්ගුන්ඩුව ධීවර සංගමය මෙම කාර්යය සාර්ථක කර ගැනිම සදහා සිය දායකත්වය ලබා දෙන ලදි. මෙහි ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ශ්‍රි ලංකා නාවික නෞකා විජය ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් අරුණශාන්ත විජේවර්ධන මහතා සහභාගි වු අතර, බත්තලන්ගුන්ඩුව ප්‍රදේශවාසින්, නැව් තඨාකාංගණයේ නිලධාරින් මෙන්ම පාසල් ළමුන් මේ සඳහා සහභාගි වන ලදි.








