ත්රිකුණාමලය ගෝපාල්පුරම් මුහුදු ප්රදේශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක්ගේ දිවි බේරා ගැනේ
ශ්රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් පිරිසක් විසින් ඊයේ (12) ගොපාල්පුරම් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි කාන්තාවක්ගේ දිවි බේරා ගැනීමට සමත් විය. බේරා ගත් කාන්තාව ත්රිකුණාමලය, ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් පමණ වන අයෙකි.

