වැලිසර ඉදිකරන ලද නාවික නිවාස සංකිරණය ආරක්ෂක ලේකම්තුමන් අතින් විවෘත කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් අනුව බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිරණය අද (14) ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණසේන හෙට්ටිආරචිචි මහතා අතින් විවෘත කරන ලදී. නිවාස 32 කින් යුක්ත කණිෂ්ඨ නාවිකයන් සඳහා ඉදිකරන ලද මෙම නිවාස සංකිරණය නවීන පහසුකම්වලින් සහ නිවසකට අවශ්‍ය සියළු උපකරණවලින් වලින් සමන්විත වේ.
නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත නාවික හමුදාව සතු පිරිවැය උපයෝගි කර ගනිමින් මෙම සිව් මහල් නිවාස සංකිරණය ඉදි කරන ලදී. මේ අවස්ථාව සදහා නාවික හමුදාධිපතිතුමන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් මෙන්ම නිවාස හිමි නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ද සහභාගී වී සිටියහ.














