නිලධාරීන් පිරිසක් විසින් නාවික හමුදාවට රෝද පුටු පරිත්‍යාග කෙරේ
චීනයේ වූහාන් හී පිහිටි නාවික ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ පාඨමාලාවන් හදාරා පැමිණි නාවික හමුදා නිලධාරින් පිරිසක් විසින් නාවික හමුදාව වෙත රෝද පුටු 10 ක් පරිත්‍යාග කරන ලදී. මෙම රෝද පුටු සංකේතාත්මකව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත භාරදීම අද (15) නාවික හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිණි. ඉදිරියේදී මෙම පරිත්‍යාගය නාවික රෝහල් වෙත හා සටනේදී ආබාධිත තත්ත්වයට පත්වූ නාවික පුද්ගලයන්ගේ පරිහරණය සඳහා ලබාදීමට නියමිතව ඇත. මෙම උදාර කර්තව්‍ය සඳහා ලුතිනන් කොමාණ්ඩර් ඩබ්ලිව්පීඑච්ඊ වික්‍රමසිංහ නිලධාරියා ඇතුළු නිලධාරීන් 13 දෙනෙකු සිය පරිත්‍යාගශීලී දායකත්වය ලබා දෙන ලදී.

