ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා සහ සහකාර ශ්‍රී ලංකා චීන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චෑන්ග් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුභසාධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක විසින් රුපියල් 4,370,000 ක ප්‍රේෂණපතක් ලබාදීම මෙහිදී සිදු කෙරිණි.


