අනුරාධපුර බසවක්කුලම වැවෙහි කැලිකසල ඉවත් කිරිමට නාවික හමුදාව එක්වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කෙරෙන ජාතික සමාජ සත්කාර මෙහෙවරෙහි තවත් එක් වැඩසටහනක් ලෙස අනුරාධපුර බසවක්කුලම වැව ශුද්ධ පවිත්‍ර කිරිම නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි. නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් සමිබන්ධීකරණය කරන ලද මෙම වැඩසටහන උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, කොමදෝරු මෙරීල් වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණය යටතේ කොමාණ්ඩර් ඇන්තනී වීරසිංහ මහතා ඇතුළු කාණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. පසුගිය 16 වන දින ආරම්භ කරන ලද මෙම වැඩසටහනට සමගාමීව අනුරාධපුර පුජා භූමිය තුළ එකතු වන කැලි කසල ක්‍රමාණුකුලව පිලිස්සීම සඳහා අවශ්‍ය දාහක (Incinerator) නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් මේ වන විට නිර්මාණය කරමින් සිටි.
ජාතික වශයෙන් වැදගත් වන සමාජීය මෙහෙවරයන් රැසකටම දායකත්වය සපයන නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් පරිසරය රැක ගැනිම උදෙසා දැනටමත් මතු සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටි. ඒ අතර,
1. සුර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන විදුලි කණු නිපදවීම
2. සුළං වේගයෙන් ක්‍රියාකරන ජල පොමිප නිපදවිම
3. සුර්ය බලයෙන් ක්‍රියා කරන අලි වැට නිපදවිම
4. ජීව වායු දාහක නාවික කඳවුරුවල පිහිට විම
5. සුර්ය බලයෙන් ක්‍රියා කරන ප්‍රති ආශ්‍රැත ජල පෙරන යන්ත්‍ර නිපදවිම
6. ක්‍රමාණුකුලව කැලිකසල ඉවත් කිරිම ප්‍රධාන තැනක් ගනී














