නාවික හමුදා රුවල් යාත්රා සංචිතයට ජයග්රහන රැසක්
කොළඹ කුඩා යාත්රා සංගමය (Colombo Motor Yacht Club) මගින් සංවිධානය කරන ලද ලේසර් අංශයේ හා එන්ටප්රයිසස් අංශයේ රුවල් ඔරු තරඟාවලිය 18 දින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුනු අතර, එයින් ජයග්රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය.
මෙම තරඟාවලිය සඳහා තරඟකරුවන් 96 දෙනෙකු සහභාගි වු අතර, තනි තනි වශයෙන් පවත්වන ලද තරඟ කාණ්ඩයේ ලේසර් අංශයේ පළමු ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය සහ සිව්වන ස්ථාන දිනා ගැනීමට සමත් වුහ. තවද එදිනම පැවැත්වූ එන්ටප්රයිසස් අංශයේ ද පළමු, දෙවන, තුන්වන සහ සිව් වන ස්ථාන දිනා ගැනීමට ද නාවික හමුදා රුවල් ඔරු සංචිතයේ ක්රීඩක ක්රීඩිකාවන් සමත් වුහ.








