කේරළ ගංජා කිලෝග්රෑම් 77.5 ක් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී ඊයේ (23) පුදුකුඩිරිප්පුහි පිහිටි අම්බලන්පොක්කනේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 77.5 ක් ත්රීරෝද රථයකින් ප්රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය. නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ත්රීරෝද රථයේ සිටි සැකකරුවන් පලාගොස් ඇත.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



