කේරළ ගංජා කිලෝග්රෑම් 89 ක් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් සහ මරදන්කර්නි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අද (26) සිදු කරන ලද සෝදිසි කිරීමක දී මරදන්කර්නි ප්රදේශයේ සඟවා තිබු, ඇසුරුම් 4 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්රෑම් 89 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එම කේරළ ගංජා තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මරදන්කර්නි පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


