කොරල් පර අධීක්ෂණ සහ නැවත වගා කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලයෙන් ආරම්භ වේ
බ්ලූ රිසෝසස් සංවිධානය සහ වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරය, ලංකා ටෝකියෝ සිමෙන්ති පුද්ගලික සමාගම සමග එක්ව ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවික පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය කරන ලද, කොරල් පර මිණුම් සහ සිතියම් ගත කිරීම පිළිබඳ පුහුණු වැඩ මුළුවක් සහ කොරල් සිටුවීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පිහිටි කොරල් කෝව් (Coral Cove) වෙරළ තීරයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහනෙහි පළමු අධියර 2016 ජුනි මස 23 වන දින සිට ජුනි මස 30 වන දින දක්වා පැවති අතර, එහි දෙවන අධියර 2016 සැප්තැම්බර් මස 7 වන දින සිට මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහිදී පවත් වන ලද දේශන සහ දියයට පුහුණු අභ්‍යස මගින් ජාත්‍යන්තර න්‍යායන් සහ විධිවිධාන වලට අනුව කොරල් පර සමීක්ෂණය කිරීම පිළිබඳ දැනුම නාවික හමුදා කිමිදුම් අංශයේ නාවික පුද්ගලයින් හට ලබා දීමට කටයුතු කරන ලදී. තවද, ලංකා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ප්රදානය කරන ලද කොංක්‍රීට් සිමෙන්ති බඳුන්වල කොරල් පර සිටුවා කොරල් කෝව් (Coral Cove) මුහුදු තීරයේ තැන්පත් කිරීමද මෙහිදී සිදු කරන ලදී.












