ගෝපාල්පුරම් මුහුදු ප්රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (1) ගොපාල්පුරම් මුහුදු ප්රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය. බේරා ගත් පුද්ගලයන් කොත්මලේ, ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 34, 31 සහ 22 යන වයසේ පසුවන පුද්ගලයන් වේ.
