යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කරන ලද අතර, එම යන්ත්‍ර ඊයේ (2) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ජල පිරිපහදු යන්ත්‍ර ඉතා කෙටි කාලයක් තුළදී ස්ථාපිත කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත් වී ඇත. උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් එම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි 2 ඉදිකරන ලදී.
අප රටේ දිස්ත්‍රික්ක 11 ක් පුරාවට පැතිරයන වකුගඩු රෝගය මැඩපැවැත්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් නිර්මාණය කරන ලද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් දිවයින පුරා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. අඩු පිරිවැයක් දරමින් පාසල් දරුවන් සහ වකුගඩු රෝගයට ගොදුරු වී ඇති මහජනතාව මෙම මාරාන්තික රෝගයෙන් ගලවා ගැනීම සඳහා මධ්‍ය පරිමාණයේ ව්‍යාපෘතියක් ලෙස මෙම කර්තව්‍ය දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි දියත් කරමින් සිටී. යාපනය ප්‍රදේශයේ මෙවැනි කර්තව්‍යක් සිදු කළ ප්‍රථම අවස්ථාව බවට මෙය සනිටුහන් වන අතර, මේ වන විට නාවික හමුදාව විසින් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 32 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට ද කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්ණය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන්, උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි, වසන්ති අර්ශරත්නම් මහත්මිය, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අසේල ඉද්දවෙල මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.









