නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත්, නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (3) නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
ඔවුන් චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස මසුන් අල්ලා ඇති අතර, එම මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 1500 ක් කැබ් රථයක් මගින් ප්රවාහණය කිරීමට සූදානම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. එහිදී එම කැබ් රථය සහ ඩිංගි යාත්‍රාවක් ද අත්අඩංගුවට පත් වූ අතර එම පුද්ගලයන්, භාණ්ඩ සහ මසුන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


