ගංජා කිලෝග්රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (4) බලහරුව ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ගංජා කිලෝග්රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොස්ලන්ද පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

