නයිජීරියානු නාවික හමුදාවේ “යුනිටි” යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
නයිජීරියානු නාවික හමුදාවට අයත් “යුනිටි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (5) උදෑසන කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික හමුදා සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. “යුනිටි” නෞකාව මෙම මස 7 වන දින දක්වා දිවයිනේ රැඳී සිටින අතර, එම කාල සීමාව තුළ ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගීවීමට නියමිතය.



