නාවික හමුදාව විසින් උතුරේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් ඩෙංගු හා පිළිකා රෝග නිවාරණ වැඩසටහන්
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වේලනි සහ කයිට්ස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව ඩෙංගු සහ පිළිකා නිවාරණ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 28 සහ 29 යන දෙදින පවත්වන ලදී. ඒ සඳහා නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ උතුරු විධානයේ නාවික කදවුරුවල රාජකාරී කරන නාවික පුද්ගලයන් පිරිසක්ද සහාය වූ අතර එහිදී, ප්‍රදේශයේ නිවාස 1897 කට ගොස් ඩෙංගු රෝගය වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලදී.
එම වැඩසටහනට සමගාමීව කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ සහ කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී ජාතික පිළිකා මර්ධන සංගමය විසින් නාවිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කරන ලදී. එහිදී, පිළිකාවක් හදුනා ගැනීම, රෝග ලක්ෂණ සහ ඒ සඳහා ගත යුතු පියවර යන කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක දේශණයක් මගින් නාවික පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.




