රොටලවෙල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මහියංගනය රොටලවෙල ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරුණි. මෙමගින් රොටලවෙල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් 356 ක් සහ එම ප්‍රදේශයේ පවුල් 300 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබේ.
වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශයන් පවතින දැඩි පානීය ජල අවශ්‍යතාවය සලකා මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය යටතේ සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ඉදිකර ඇත. ඒ අනුව මේ වන විට මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 33 ක් විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇත. මෙම වැඩසටහනට සමගාමිව, වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමද නාවික හමුදාව මේ දින වල කටයුතු කරමින් සිටියි.







