ජපන් නාවික හමුදාවට අයත් නෞකා තුනක් කොළඹ වරායට පැමිණේ
ජපාන නාවික හමුදාවට අයත් “කෂීමා” “සෙටොයුකි” සහ “අසගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා පුහුණු කටයුතු සඳහා අද (7) සවස කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී. මෙම මස 12 වන දින දක්වා දිවයිනේ රැදී සිටීමට නියමිත මෙම නෞකාවන්, වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කරගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නාවික අභ්‍යාසයන්හි නිරතවීමට ද නියමිතය.








