දිවුලපැලැස්ස මහා විද්‍යායේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මහියංගනය දිවුලපැලැස්ස මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරුණි. මෙමගින් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් 500 ක් සහ ප්‍රදේශයේ පවුල් 350 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබේ.
වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන්හි පවතින දැඩි පානීය ජල අවශ්‍යතාවය සලකා මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය යටතේ සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් මෙම කර්තව්‍ය ඉදිරියටත් සිදු කරමින් පවතී. ඒ අනුව මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 34 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කීරීමට කටයුතු කර ඇති අතර, මෙම කාර්යයට සමගාමිව, වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරමින් සිටියි.




