නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත්, ත්රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්රහාරක මුර යාත්රා බලඝණයට අනුයුක්ත යාත්රාවල රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉලන්තන්ටුනු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ධීවර කටුයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 2 ක්, තහනම් දැල් 2 ක් සහ කිමිදීමට යොදාගන්නා පාවරල් යුගල් 2ක් අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ශ්රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය වෙත ගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්රිකුණාමලය සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.





