යාපනය දූපත් හා ත්‍රීකුණාමල පාසැල් ක්‍රීඩකයන් අතර පැවැත් වූ සුහද පාපන්දු තරඟයට නාවික හමුදා අනුග්‍රහය 
උතුරු හා නැගෙනහිර පළාත් වල අඩු පහසුකම් යටතේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වන පාසැල් දරුවන් වෙනුවෙන් පාපන්දු පුහුණු වැඩසටහන් රාශියක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිදු කරමින් පවතී. එහි තවත් එක් ප්‍රථිපලයක් ලෙස යාපනයේ දූපත් ආශ්‍රිතව පිහිටි පාසැල් වල වයස අවුරුදු 15 න් පහළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත පාපන්දු කණ්ඩායමක් ත්‍රීකුණාමලයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ඔවුන් ත්‍රීකුණාමල පාසැල් වයස අවුරුදු 15 න් පහළ ක්‍රීඩකයන් සමග සුහද පාපන්දු තරඟයකට සහභාගී විය. මෙම තරඟය ඊයේ (8) ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යපීඨ ක්‍රීඩා පිටියේදී පැවැත් වූ අතර, එහිදී කණ්ඩායම් දෙකම ගෝල 3-3 වශයෙන් රැස් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික පෙදෙස භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් පෙරේරා මහතා සහභාගී වූ අතර, නාවික තඨාකාංගනයට අනුයුක්ත නිලධාරීන්, නාවිකයන් පිරිසක් සහ එම පාසැල් සිසුන්ගේ දෙමාපියන් ද සහභාගී විය.
මෙම සංචාරයේ දෙවන දින වූ අද (9) යාපනය දූපත් වලින් පැමිණි පාසැල් දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට බෝට්ටු සංචාරයක නිරත වීමට, නාවික කෞතුකාගාරය නැරඹීමට හා කෝණේෂ්වරම් කෝවිල වැදපුදා ගැනීමටත් අවස්ථාව උදාවිය. මෙම දූපත් ප්‍රදේශවල පාසැල් සිසුන්ගෙන් ඇතැමෙක් සිය ජීවිතයේ ප්‍රථම වතාවට ත්‍රීකුණාමලයේ සංචාරයක නිරත වීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙම පාසැල් දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ආහාරපාන, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් නැගෙනහිර නාවික විධානය විසින් ලබා දීමට කටයුතු කරන ලදී.




















