ගංජා කිලෝග්රෑම් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය 9 වන දින ඌව කුඩාඔය ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ගංජා කිලෝග්රෑම් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තනමල්විල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

