කේරළ ගංජා කිලෝග්රෑම් 14.3 ක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට
කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද (11) සමත් විය. ඒ අනුව පේදුරුතුඩුව නාවික අනුඛණ්ඩය වෙත ලැබුනු තොරතුරක් මත ක්රියාත්මක වූ නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මනල්කාඩු ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්රෑම් 12.6 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය වෙත ලැබුනු තොරතුරක් මත ක්රියාත්මක වූ බුද්ධි අංශ නාවිකයන් පිරිසක් මුලතිව් පොලීසියේ සහාය ඇතිව චෙම්මාලෙයි ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 1.7 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදී. එම කේරළ ගංජා තොගය යාපනයේ සිට පුල්මුඩේ දක්වා ප්රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාන්තාව සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




