රාජකීය ඕමාන් නාවික හමුදාවේ අල් නසීර් යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් නසීර්” යුධ නෞකාව සුහදතාවය වර්ධනය කර ගැනීම හා සැපයුම් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එහිදී එම නෞකාව පිළිගන්නා ලදී. මෙම නෞකාව ඔක්තෝබර් මස 13 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.



