ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේදී පුහුණු අභ්‍යාසයක්
දින දෙකක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේදී සාගරයට මුදාහැරුණු තෙල්, කෙටි කාල සීමාවකදී කාර්යක්ෂමව ඉවත් කිරීම පිළිබඳ පුහුණු අභ්‍යාසයක් අද (12) පැවැත්වීය. නෞකාවේ කාර්යය මණ්ඩලය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය, සාගර පරිසර ආරක්ෂණ අධිකාරිය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දෙදින පුහුණු වැඩමුළු සහ ක්‍රියාකාරකම් වලින් අනතුරුව මෙම අභ්‍යාසය පවත් වන ලදි.
මුහුදට තෙල් කාන්දුවීම තුළින් සාගර පරිසරය විනාශ වීම අද ලෝකයට ප්‍රධාන තර්ජනයක් වී ඇති අතර, ලෝකය පුරා නෞකාවන්ගේ හදිසි අනතුරු සහ විවිධ හේතූන්මත සාගරයට තෙල් එකතු වේ. එමගින් සමුද්‍රීය පරිසරයට දැඩි විනාශකාරී බලපෑම් එල්ල කරනු ලබයි. සාගරයට මුදාහැරුණු තෙල් කෙටි කාල සීමාවකදී කාර්යක්ෂමව ඉවත් කිරීම සිදු නොවුන හොත් එහි බලපෑම සාගරික පරිසරයට දීර්ඝ කාලීන තර්ජනයක් වනු ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයට ආසන්නයේ පිහිටා තිබීම නිසා තෙල් කාන්දුවීමේ සිද්ධීන් කළමනාකරණය කිරීමට කඩිනමින් සූදානම්ව සිටීම වැදගත් වේ. මෙම නාවික අභ්‍යාසය මගින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීමට මෙන්ම පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට ද ඉවහල් වනු ඇත.








