අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්රෑම් 16.7 ක් නාවික හමුදාව මගින් සොයාගැනේ
උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේයි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (13) පේදුරුතුඩුවට දකුණු දෙසින් වූ මුහුදු ප්රදේශයේ දී අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්රෑම් 16.7 ක් සමග ඒවා ප්රවාහනය සඳහා යොදාගත් ඩිංගි යාත්රාවක් සොයා ගන්නා ලදි.
මෙම කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරු තුඩුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


