අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්රෑම් 68 ක් සොයාගැනේ
උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ එම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් යාපනය පොලිස් නිලධාරීන් සමග සිදු කළ සොදිසි කිරීමකදී අද (14) මාර්සන්කුඩාල් වෙරළ තීරයේ අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්රෑම් 68 ක් සොයා ගන්නා ලදි. එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


