කේරළ ගංජා කිලෝග්රෑම් 103 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (15) සෙන්දම්කුලම් වෙරළ තීරයේදි කේරළ ගංජා කිලෝග්රෑම් 103 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අංඩංගුවට ගන්නා ලදි. එහිදි කේරළ ගංජා ප්රවාහනය සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක් ද අත්අඩංගුවට පත් විය.
අඩංගුවට පත් පුද්ගලයින්, භාණ්ඩ සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


