කේරළ ගංජා කිලෝග්රෑම් 36 ක් සහ ඖෂධ තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්රී ලංකා නාවික නෞකා රණජය නෞකාවේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) ඩෙල්ෆ් දුපතට නිරත දිගින් වු මුහුදු ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 36 ක් සහ ඖෂධ තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය. මෙහිදි ඩිංගි යාත්රාවක්, G.P.S යන්ත්ර 2 ක් සහ ජංගම දුරකථන 2 ක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, කේරළ ගංජා තොගය සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් වෙත භාර දීමට කටයුතු කෙරිණි.


